ස්විට්සර්ලන්තයෙන් හමුවූ මධ්‍යකාලීන යකඩ අත්වැස්ම....
"උතුරු ස්විට්සර්ලන්තයේ කරන ලද කැණීම්වලදී කම්මල්කරුවෙකුගේ සාප්පුවක් යැයි සිතිය හැකි ස්ථානයකින් දහහතරවන සියවසට (14th Century) අයත් හොඳින් සංරක්ෂණය වී ඇති"
උතුරු ස්විට්සර්ලන්තයේ කරන ලද කැණීම්වලදී කම්මල්කරුවෙකුගේ සාප්පුවක් යැයි සිතිය හැකි ස්ථානයකින් දහහතරවන සියවසට (14th Century) අයත් හොඳින් සංරක්ෂණය වී ඇති අත්වැසුම් කැබලි සොයා ගැනීමට ගවේශකයන්ට හැකි වී තිබේ. එහිදී සොයාගත් දේවල් අතරට අච්චුවක්, මිටියක්, යතුරු සහ ඊ හිස් කිහිපයක් ආදිය ද අයිති වේ. ලෝහ අත්වැස්මේ කොටස් 25 ක් එකිනෙක සම්බන්ධ කර නම්‍යශීලී ආකාරයේ ආරක්ෂණයක් සෑදීම සඳහා සම් අත්වැසුම් (leather gloves) වලට rivet කර ඇත.
ස්විට්සර්ලන්තයෙන් හමු වී ඇත්තේ එම කාලපරිච්ඡේදයට අයත් තවත් අත්වැසුම් හතරක් (4) පමණක් වන නමුත්, සන්නද්ධ අත්වැසුම් දුර්ලභ වස්තූන් ද, එසේත් නැතිනම් එම ලෝහය නැවත නැවත උණු කර මෙම අත්වැසුම් නිර්මාණය කිරීමට භාවිතා කළේ දැයි පර්යේෂකයන් මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නැත.
_______________
